පරිගණකයේ ඉතිහාසය | A3BOOk
There are currently 3 members and 2793 guests online

පරිගණකයේ ඉතිහාසය

පරිගණකයේ ඉතිහාසය

පරිගණකය යනු මිනිසාගේ ගණිතමය මෙන්ම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා සැකසූ විද්‍යුත් යාන්ත්‍රික උපකරණයකි.ශිලා යුගයේ විසූ මිනිසුන් ගණිත කටයුතු සඳහා තම දැතේ අගිලි යොදා ගන්නා ලදී. එපමණක් නොව කෝටු කැබලි ඇට කැබලි වැනි ස්වාභාවික ද්‍රව්‍ය ද යොදා ගත් හ.කලයේ තම ජිවිතය ගත කළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් සමාජශීලි වීමත් සමගම තම වැඩ කටයුතු පහසුවෙන් සහ ක්‍රමානුකූලව ඉටු කර ගැනීම සදහා නොයෙක් ආකාරයේ උපකරණ නිර්මාණය කර ගෙන තිබුණි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය බෙදනු ලබන කාල වකවානු( Time Lines)
 
1. පුර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර )
2. යාන්ත්‍රික යුගය ( 1450- 1840 )
3. විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840- 1940 )
4. විද්‍යුත් යුගය ( 1940 සිට අද දක්වා )

ඇබකසය ( Abacus )
 
ඇබකසය යනු මිනිසා තම ගණිත කටයුතු පහසු කර ගැනීම පිණිස ක්‍රි. පු 3000 පමණ චීන ජාතිකයන් භාවිතා කළ උපකරණයකි. ඇබකසය අද භාවිතා කරනු ලබන පරිගණකය සදහා මුලිකම අඩිතාලමයි. මෑත කාලීනව ද ඇතම් පාසල්වල ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා ඇබකසය වැනි ගණිත මූල ධර්ම ඇති උපකරණයක් භාවිතා කර ඇත.

4. ආකලන යන්ත්‍රය ( Adding Machine & Pascaline)
 
 
1642 දී බ්ලේස් පැස්කල් විසින් ගණිත කර්ම පහසුවෙන් සිදුකළ හැකි යන්ත්‍රයක් නිපදවීය. මෙය ආකලන යන්ත්‍රය (Adding Machine & pascaline) ලෙස හැඳින්වේ .මෙමඟින් එකතු කිරීම සහ අඩු කිරීම පමණක් සිදුකළ හැකිවිය.
Step Reckoner යන්ත්‍රය
 
 
 
 
1674 දී ජර්මන් ජාතික ගණිතඥයෙකු වූ ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් විසින් pascaline යන්ත්‍රය වැඩි දියුණු කර එකතු කිරීම අඩු කිරීම පමණක් නොව ගුණ කීරීම සහ බේදීම වැනි ගණිත කර්ම සිදු කළ හැකි step Reckoner යන්ත්‍රය නිපදවීය. මේ සඳහා සිදුරුපත් ( punch Cards) සංකල්පය යොදාගත්හ.

සිදුරු කාඩ්පත් සංකල්පය ( punch Cards Concept)
 
 
ප්‍රංශ ජාතික ජෝෂප් ජැකුවාඩ් විසින් ඔහුගේ රෙදී විවීමේ කාර්‍ය්‍ය් පහසු කර ගැනීම සඳහා 1801 දී පමණ යාන්ත්‍රික රෙදී වියන යන්ත්‍රය නිර්මාණය කළහ. මෙහි සිදුරු කරන ලද කාඩ්පත් භාවිතා කරන ලදී.
Difference Engine
 
1822 දී චාල්ස් බැබේජ් විසින් ' ලොව ප්‍රථම යාන්ත්‍රික පරිගණකය ' සඳහා අවශ්‍ය කරන සටහනක් ඉදිරිපත් කළහ. එය Difference Engine නම් වේ.
ඇනලිටිකල් යන්ත්‍රය ( Analytical Engine )
 
 
චාල්ස් බැබේජ් විසින් 1833 දී නිමාණය කළ ඇනලීටිකල් යන්ත්‍රය සඳහා මූලික අඩිතාලම වැටුනේ සිදුරුපත් සංකල්පයයි. නමුත් ඔහු සිතු ආකාරයටම යන්ත්‍රය නිර්මාණය කිරීමට එකළ තාක්ෂණික දැනුම ප්‍රමාණවත් නොවීය .ඇනටිකල් යන්ත්‍රයෙහි විශේෂත්වය වනුයේ එහි දත්ත ආදානය (input) ,සකස් කිරීම (Process) , තැන්පත් කිරීම ( Storage) සහ ප්‍රතිදානය ( Output ) යන කාර්‍යයන් සිදු කිරීම සදහා අවශය උපාංග එහි තිබීමයි. පසු කාලීනව නිර්මාණය කළ පරිගණක සඳහා මොහුගේ මෙම සංකල්පය භාවිතාවිය. පරිගණකයේ පියා ( The Father Of Computer ) නමින් කිරුළු පැළදීය.
Analytical Engine
The father of computer ( Charles Babbage)
 
 
ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිණිය
( 1st computer Programmer)


චාල්ස් බැබෙජ්ගේ මෙම ඇනටිකල් යාන්ත්‍රය ( Analytical Machine) සඳහා ඇඩා ඔගස්ටා ( Ada Augusta ) මැතිනිය විසින් වැඩසටහන් ( Programs) සකස් කරන ලදී. ඇඩා ඔගස්ටා මැතිනිය ලොව ප්‍රථම පරිගණක වැඩසටහන සකස්කළ තැනැත්තිය ලෙස විරුදාවලි ලැබුහ.පසු කාලීනව නිර්මාණය වූ ( Ada ) පරිගණක භාෂාව ඇයට ගෞරවයක් ලෙස නිර්මාණය විය.

ඇඩා ඔගස්ටා මැතිනිය
 
 
Mark 1 යන්ත්‍රය
 
 
1937 දී හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ හෝර්වර්ඩ් එයිකන් චාල්ස් බැබෙජ්ගේ සංකල්පය වැඩි දියුණු කිරීමට දැඩි ලෙස උත්සහා ගන්නා ලදී. මෙහී ඇති විශේෂත්වය වනුයේ දත්ත ඇතුළත් කිරීම සඳහා යතුරු ලියනයක් ( Type writer ) සම්බන්ධ කර තිබුණි.දත්ත ආදානය කිරීම සඳහා සිදුරුපත් ( Punch Cards) භාවිතා කළහ. මෙම යන්ත්‍රය වසර 15 කට වැඩි කාලයක් පරිගණක ලොව තුල භාවිතා විය.

පළමු පොදු කාර්‍ය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය
The 1st General Purpose Digital Computer -ENIAC
 
 
1946 දී නිපද වූ එනියැක් ENIAC - Electronic Numerical Integrator and Calculator යන්ත්‍රය පළමු පොදු කාර්‍ය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය නම් වේ.

ගබඩා කළ ක්‍රමලේඛ්න යොදාගත් මුල්ම අංකිත පරිගණකය
((The 1st digital computer which used stored programs) – EDVAC
 
 
1949 දී නිපදවන ලද එඩ්වැක් EDVAC - Electronic Discrete Variable Automatic Computer යන්ත්‍රය, ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිත පරිගණකයයි.
01' First Generation (1940-1956) Vacuum Tube
 
 
පළමු පරිගණකය සැදීමේදී රික්ත නල භාවිතා කර ඇති අතර මෙහි මතකයන් ලෙස Magnetic Drum 1 ක් භාවිතා කර ඇත.
Magnetic Drum Memory
 
මෙම පරිගණකය කාමරයක තරම් විශාලත්වයකින් යුක්ත වූ අතර මෙය ක්‍රියාත්මක වීමේදී ඉතා විශාල විදුලි බලයක් අවශ්‍ය වූ අතර මේ සඳහා ලොකු වියදමක් දරන්නටද සිද්ධ විය. එලෙසම මෙය භාවිතා කරන අධික විදුලි බලය නිසා විශාල වශයෙන් තාපය ඉපදවීමද එමගින් පරිගණකයේ කාර්‍යක්ෂමතාවය අඩු වීමද විශාල අවාසියක් විය.

Vacuum Tube
මේ අවදියේදී පරිගණකය සමග ක්‍රියාකිරීමට භාවිතා කළ භාෂාව Machine Language නම් වන අතර මෙය පරිගණක භාවිතයේදී යොදා ගනු ලැබු පහල මට්ටමේ පරිගණක භාෂාවකි.එම නිසා මෙම පරිගණක මගින් වරකට විසදිය හැකි වුයේ එක ගැටළුවක් පමණි.මෙයට දත්ත ඇතුළු කිරීමට Punch Card ලෙස හදුන්වනු ලැබු සිදුරු සහිත Card පත් හෝ කඩදාසි පටි භාවිතා කල අතර මෙහි විසදුම් මුද්‍රණය කිරීමෙන් ලබා ගත්තා.
මෙම යුගයේ භාවිතා කල පරිගණක අතර UNIVAC සහ ENIAC යන පරිගණක හැදින්විය හැක.
UNIVAC
 
ENIAC
Second Generation (1956-1963) Transistors
 
 
Vacuum Tube වෙනුවට Transistors භාවිතා කරමින් නිපදවන ලද පරිගණක මෙම යුගයේදී බිහිවිය.
1947 දී Transistors සොයා ගැනීමත් සමග මෙම අවදියේ නිපද වූ පරිගණක වල විශේෂ වෙනස්කම් කිහිපයක් සිදු විය.පරිගණකයේ විශාලත්වය කුඩා වීම කාර්‍යක්ෂම වීම ලාබදායි වීම ඒ අතරින් ප්‍රධාන වේ. මෙය පළමු යුගයේ පරිගණක වලට වඩා විශ්වාසදායි වුවද Transistors
ම්ගින් නිපදවන තාපය පෙර පරිදිම විය. මේ නිසා පරිගණකයට සිදුවන හානියෙහි වෙනසක් සිදු නොවීය.
මෙම යුගයේදීද දත්ත ඇතුලත් කිරීමට Punch Card ලෙස හදුන්වනු ලැබූ සිදුරු සහිත Card පත් හෝ කඩදාසී පටි භාවිතා කල අතර විසදුම් මුද්‍රණය කිරීමෙන් ලබා ගන්නා ලදී.


තාක්ෂණයේ සිදූ වූ වෙනසත් සමග පරිගණක භාෂාවේද වෙනස්කම් සිදූ විය ,එනම් සංකේත යොදා ගනිමින් පරිගණකය සමග ගනදෙනු කල හැකිවු අතර එයට ඇතුලත් කල විධාන වචන ලෙස ඇතුලත් කිරීමට හැකිවිය Cobol සහ Fortran යන පරිගණක භාෂාවන්ගේ මුලාරම්භය මෙය ලෙස සැලකිය හැකියි.
Magnetic Core Memory මෙම පරිගණකද මුල් යුගයේ පරිගණක මෙන්ම දෙනු ලබන විධානයන් මතකයේ රදවාගන්නට සමත් වූ අතර ඒ සඳහ යොදා ගත් Magnetic Drum වෙනුවට Magnetic Core යන තාක්ෂණය භාවිතා කරනු දක්නට ලැබුණි.
 
Third Generation (1946-1971) Integrated Circuits
සංග්ෘහිත පරිපථ භාවිතයත් සමග පරිගණක වල නව යුගයක් මෙම අවදියේදී ඇති විය .මෙම පරිගණකයේ විකාශනයේ 03 වන යුගය ලෙස හැදින්විය හැකියි.මීට පෙර භාවිත කල Transistors එකට එකතු කොට තවදුරටත් කුඩා වන සේ සකස් කල සංග්ෘහිත පරිපථ මෙම යුගයේ පරිගණක සදහා යොදා ගන්නා ලදී. එලෙසම මේවා එකතු කොට සාදන ලද Semiconductor පරිගණක නිපදවීමට භාවිතා විය.මෙම නව තාක්ෂණයත් සමග පරිගණක ඉතිහාසයේ සුවිශේෂී අවධියකට මෙම යුගයේදී පිවිසුනේය.මෙතෙක් භාවිතා කල Punch Card සහ මුද්‍රණ කටයුතු වෙනුවට
Key board සහ Monitors භාවිතය ඇරඹුනි.

Integrated Circuits
 
 
 
එසේම අතුරු මුහුණතක් Interface සහ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක් Operating System භාවිතය පළමුවෙන්ම ඇරඹුනේ මෙම යුගයේදී වන අතර මේ නිසා වැඩ සටහන් කිහිපයක් සමග එකවර වැඩ කිරීමේ හැකියාව පරිගණකයට ලැබුණි.මෙම පරිගණකවල ප්‍රමාණය සහ මිලෙහි අඩු වීම වැඩි දෙන අතර මෙම පරිගණක ප්‍රචලිත වීමටද හෙතූ විය.

Fourth Generation (from 1971) Microprocessors
 
 
තාක්ෂණයේ ඇති වූ දියුණුවත් සමග සංග්ෘහිත පරිපථ දස දහස් ගණනක් එකට එකතු කොට තනි Silicon Chip 1ක් සාදන ලදී. ,මෙය වර්තමානයේ අප භාවිතා කරන Processor එක ලෙස හදුන්වයි.මෙම Microprocessor පරිගණක තාක්ෂණයට විශාල වෙනසක් සිදු කිරීමට සමත් විය .මුල් යුගයේ කාමරයක් තරම් වූ පරිගණකය අතේ ගෙන යැමට තරම් කුඩාවට නිෂ්පාදනය කිරීමට මෙම තාක්ෂණයට හැකිවිය.
මේ අතර වර්ෂ 1971 දී නිපදවනු ලැබු Intel 4004 Microprocessor එක ප්‍රධාන ස්ථානයක් ගනී.
ප්‍රථමයෙන් 1981 දී IBM සමාගම විසින් ග්ෘහස්ත භාවිතය සදහා පරිගණකයක් නිපදවීය. මෙතැන් පටන් ක්‍රමයෙන් කුඩා වන ලෙසත් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ලෙසත් පරිගණක නිෂ්පාදනය විය.
මේවා මුල් යුගයේ පරිගණක වලට වඩා බෙහෙවින් කුඩා වූ බැවින් පහසුවෙන් ජාල ගත කිරීමටද හැකිවිය.

Fifth Generation - Artificial Intelligence
 
 
පරිගණක විකාශනයේ ඉතාමත්ම වැදගත් අවධිය ලෙස මෙය හැදින්විය හැක.පරිගණකයටම වෙන් වු බුද්ධියක් සමග පරිගණක ක්‍රියා කිරීම ආරම්භ විය. පරිගණකයේ වර්තමාන සහ අනාගත අවධිය දැක්වෙන යුගය ලෙස මෙය සැලකේ.
Artificial intelligence

වර්තමානයේදී භාවිත වෙන Voice Recognition වැනි වැඩසටහන් භාවිත වීම ඇරඹිමත් Parallel Processor සහ Super Conductor වැනි පරිපථ පරිගණකයේ භාවිතා වන ක්ෘතීම බුද්ධිය Artificial Intelligence වැඩි දියුණු කිරීමටත් හේතු වීය.
අවසානයේ පරිගණක හැසරවීමට විධාන ලබා දීම සදහා සාමාන්‍ය භාවිත කරන භාෂාවන් භාවිතයට හැකිවී ඇති අතර මෙය Nature Language නම් වේ .
 
 
Posted in Educational on June 16 2022 at 06:48 PM
Comments (2)
No login
gif
Login or register to post your comment
ඔබට දැණුම